Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 40න් 32ක් විදෙස්ගතව පැමිණි අය

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (02) රාත්‍රී 11.50 වන විට වාර්තා වූ ආසාදිතයින් 27 දෙනා ද ඇතුළුවය. ඒ අනුව, ගත වූ පැය 24 තුළ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 40 ක් වේ.

එම රෝගීන් 40 දෙනාගෙන් 32ක් ම විදෙස්ගතව මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

එම 32 දෙනා අතරින්,

Giraya News Alerts
  • කුවේට් සිට පැමිණි 3ක් – ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද,
  • කටාර් සිට පැමිණි 27ක් – අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද,
  • ඩුබායි සිට පැමිණි 01ක් – ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද,
  • රුසියාවේ සිට පැමිණි 01ක් – පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත.

ඊයේ (02) වාර්තා වූ අනෙක් රෝගීන් 08 දෙනාගෙන් 07 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙකු ද, කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙක් ද, මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙකු ද වශයෙන් නිරෝධායනය වෙමින් සිටි අයවලුන් වේ.

අනෙක් ආසාදිතයා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු වේ.

මේ වන විට, වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 823 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 849 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 11ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top