Advertise with Giraya
NEWS

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ ජූනි මස 20 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) දින තීරණය කරනු ලැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවන ලදී.

ඉකුත් මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවාහරිමින්, නාමයෝජනා බාරගැනීම, මැතිවරණය පැවැත්වීම, නව පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. අප්‍රේල් මස 25 දින මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් ජූනි මස 20 දින මැතිවරණය පවත්වන බව පවසමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

Giraya News Alerts

මේ ගැසට් නිවේදන දෙක මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08ක් ගොනු කර තිබුණි. නීතිඥ චරිත ගුණරත්න, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගය පෙත්සම්කරුවෝ අතර වූහ.

එම පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ව්‍යාපාරික සම්පත් මෙරින්නගේ, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් විසින් අතරමැදි පාර්ශ්ව පෙත්සම් 15ක් ඉදිරිපත් කර තිබුණි.

මේ පෙත්සම් විභාගය අතරතුර පෙත්සම්වල වගඋත්තරකරුවකු වූ මැතිවරණ කොමිසම ඡන්ද විමසීම ජූනි මස 20 දින පැවැත්විය නොහැකි බවට අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, තමන් ඉල්ලා සිටින සහනය ලැබී ඇති නිසා සිය පෙත්සම පවත්වාගෙන නොයන බව නීතිඥ චරිත ගුණරත්න මහතාගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම්කරුවන්, වගඋත්තරකරුවන්, අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමේ 29 වැනි සිකුරාදා අවසන් විය.

නැවත කරුණු දැක්වීම් ඊයේ (01) සිදු කිරීමත් සමඟ පෙත්සම් සියල්ල සළකාබැලීම අවසන් කළ අධිකරණය පෙත්සම් විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව අද (02) ප්‍රකාශ කරන බව සඳහන් කෙළේය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top