Advertise with Giraya
NEWS

විදෙස්ගතව පැමිණි ආසාදිතයින් ගණන 527 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1643ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ , ගත වූ පැය 24 තුළ දී වාර්තා වු නව ආසාදිතයින් 10 දෙනා ද ඇතුළුව යි.

එසේම, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (02) පෙරවරු 10.00 වන විට නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, මේ වන විට පුර්ණ සුවය ලද සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 823ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට සුවය ලබා ඇති ප්‍රතිශතය 49% දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

Giraya News Alerts

මැයි මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 646ක් වේ. මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • ජුනි 01 – රෝගීන් 10 ක් ද,
  • ජුනි 02 – රෝගීන් 12 ක් ද වශයෙන් වේ.

මේ අතර, ඊයේ ‍(01) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා විය. එම 10 දෙනා අතරින් එක් අයෙකු බෙලරූස් රාජ්‍යයේ සිට ද, සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට ද, තවත් එක් අයෙකු ඉන්දුනීසියාවේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ. තවත් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට මීට පෙර තහවුරු වූ යුද හමුදා නිලධාරියෙකුගේ සමීපතමයින් වේ. තවත් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වේ.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 527 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 444 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 482දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 764 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 70 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 66,421ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව ජුනි 01 වන දින සිදු කරන ලද දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 1066ක් වේ.

එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 800 ඉක්මවා ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය අද (02) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට සක්‍රීය ආසාදිතයින් 809ක් රෝහල්ගතව සිටියි. මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් ගණන වේ.

රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (02) දින පෙරවරු 10.00 වන විට

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 144ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 93 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 41ක් ද,
  • ඉරණවිල රෝහලේ 50ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 92ක් ද,
  • නාවික රෝහලේ 109 ක් ද,
  • හෝමාගම රෝහලේ 97ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 44 ක් ද,
  • හම්බන්තොට මහ රෝහලේ 107ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 29ක් ද,
  • යුද හමුදා රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

තවත් පුද්ගලයින් 84ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.67%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top