අති දුර්ලභ කඳුකර කළු කොටියාගේ මරණය සිදු වී දින 05ක් යාමට මත්තෙන් තවත් දුර්ලභ ඝනයේ දිවියෙකු මන්දකට හසු වී මිය ගොස් ඇති බව ‘නෙත් පුවත්’ වාර්තා කර තිබේ. එම දිවියා නෙළුව, හත්පිටිය ප්‍රදේශයේ දී මන්දකට හසු වී ඇති බව ද වාර්තා වේ.
වනජීවි දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙලෙස මියගොස් ඇත්තේ මෙරටට ආවේණික දුර්ලභ ගණයේ දිවියෙක්.
ශී‍්‍ර ලංකාව තුළ මෙවැනි සත්වයින් සිටින්නේ 2,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි වාර්තාවල දැක්වෙන්නේ. මියගොස් ඇති මෙම දිවි විශේෂය වන සංරක්ෂණ හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර තිබේ.
සම්බන්ධිත පුවත්
- කඳුකර කළු කොටියා මිය යයි
- අති දුර්ලභ කඳුකර කළු කොටියාට මන්ද ඇට වූ සැකකරු පොලීසියට
- අති දුර්ලභ කඳුකර කළු කොටියෙකු මන්දකට හසුවෙයි
