Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 10න් 2ක් යුද හමුදා නිලධාරියෙකුගේ සමීපතමයින්

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 1643ක් වේ. ඒ, ඊයේ (01) දිනයේ දී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 10 දෙනා ද ඇතුළුවය.

ඊයේ (01) දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් දෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා නිලධාරියෙකුගේ සමීපතමයින් බව වාර්තා වේ. හෝමාගම පදිංචි ඔවුන් දෙදෙනා යුද හමුදා නිලධාරියෙකුගේ බිරිඳ හා දරුවා වන අතර ඔවුන් දෙදෙනා මැයි 12 වැනිදායින් පසුව නිවසෙන් පිටත්ව ගොස් නැති බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් නොතබන බවයි.

Giraya News Alerts

වාර්තා වූ අනෙක් රෝගීන්ගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. බංග්ලාදේශයේ සිට මැයි 24 වන දින සිට ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

තවත් එක් අයෙක් බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සෙබළෙකු වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top