Advertise with Giraya
NEWS

මාව ඝාතනය කරන්න දැරූ උත්සාහයට රාජිත සේනාරත්නත් සම්බන්ධයි – ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති විසින් දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර එම පැමිණිල්ල පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු දෙවැනි දිනයටත් අද(01) දිනයේ දී සිදු විය.

එහිදී, සාක්ෂි ලබා දෙමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පැවසුවේ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා තමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහයකට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සම්බන්ධ බවයි.

එසේම, 2015 වර්ෂයේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යශයේ සහ ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් නොසලකා හරිමින් ඇවන්ගාඩ් සමාගමට අයත් ” එම්.වී.මහනුවර පාවෙන අවි ගබඩාව ” නාවික හමුදා භාරයට ගත් බවයි.

Giraya News Alerts

කෙසේ වෙතත් නිත්‍යානුකූල නොවන බව සදහන් කරමින් නාවික හමුදා භාරයට ගත් අදාළ නෞකාව ඉන් පසුවද ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් පෙර පැවති තත්ත්වයෙන්ම ඉදිරියට ගෙන ගිය බව නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ කාල පරාසය තුළ එවකට සම කැබිනට් ප්‍රකාශව සිටි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ඇවන්ගාඩ් සමාගම විවේචනය කළ බවත්, අවිගබඩාව සිය භාරයට ගත් එවකට ගාල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.සී.ඩී ගුණවර්ධන සමග හිටපු අමාත්‍යවරයා විමර්ශන සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා වල නිරත වී ඇති බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

එසේම, හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට උපකාර කළහොත් තමන්ව සියලු නෛතික ක්‍රියාමාර්ග වලින් නිදහස් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයෙකු තමන්ට පැවසු බවද සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය.

එවකට නාවික හමුදාපතිව සිටි රවින්ද්‍ර විජේගුණරත්න විසින් ඉහළ තනතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 2015.12.31 වන දින තමන් ඝාතනය කිරීමට මිලිමිටර් 9 පිස්තෝල සහිතව පුද්ගලයින් දෙදෙනෙකු එවා තිබු බව කොමිසම හමුවේ අනාවරණය කළ නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරත් සදහන් කළේ එම සිදුවීමටද රාජිත සේනාරත්න මහතා සෘජුවම සම්බන්ධ බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වි කැමරා දර්ශන සහිතව තමන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළද අද දක්වා කිසිදු විමර්ශනයක් සිදු වී නැතැයිද ඔහු පෙන්වා දුන්නේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇවන්ගාඩ් ගනුදෙනු වලට අදාළව තමන් සම්බන්ධයෙන් සිදුකළ මුල් පරික්ෂණයෙන් තමාව නිදොස් කළද පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බලපෑම මත එවකට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් යළි පරික්ෂණයක් ආරම්භ කළ බව ඒ මහතා පැවසුවේය.

එහිදි හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 200 ක මුදලක් ගෝනියක දමා දුන් බවට දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ නම් තමාව සියලු නඩුවලින් නිදහස් කරන බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරියෙක් තමන්ට පැවසුවේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පසු අවස්ථාවක තමන් අමතා සමාව ඉල්ලමින් දේශපාලන බලපෑම් නොවන්නට තමන් කිසිදිනක එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂට හෝ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව නඩු පවරන්නේ නැතැයිද වික්‍රමසිංහ මහත්මිය සදහන් කළ බව නිශ්ශංක සේනාධිපති මහතා අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන් කැඳවා, කාලකන්නි දේශපාලඥයින් ඔහුව බිත්තියට හේත්තු කළ බව පවසමින් නැවතත් ඇවන්ගාඩ් සමාගම සමග ගිවිසුමකට එළඹෙන ලෙස රජයට දැනුම්දුන් බවයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top