වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ, 2016 වසරේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව හේතුවෙන් ය.
ඒ අනුව, වරෙන්තුවක් ලබාගෙන වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දී තිබේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සන්දීප් සම්පත් නැමති තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කර ඒ පිළිබඳව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබාගෙන තිබුණි.
