අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී තිබූ ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව,අද(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිව්රුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
