තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයින් 99 දෙනාගෙන් යුක්ත කණ්ඩායම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ සඳහා වන සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කළ පාර්ශ්වයේ අයට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවත් සමඟි ජන බලවේගයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා (29) ඒකමතිකව අනුමත කළා.
තවද, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු ගිවිසුමකට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ දන්වා ඇති බවත් වාර්තා වේ.
සාමාජිකත්වය අහෝසි කරන ලද සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.





