Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලංකාවේ 11 වන කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 11 වන මරණයක් අද(01) දින පෙරවරුවේ වාර්තා විය.

කුවේට්හි සිට පැමිණි කොරෝනා ආසාදිත 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වූ ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

අද පෙරවරු 8.20ට නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මේ පිළිබඳව තහවුරු කරන ලදී.

Giraya News Alerts

මෙම පුද්ගලයා පසුගිය මැයි මස 20 වන දින මෙරටට පැමිණ ඇති අතර 23 වන දා සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. පසුව 26 වන දින ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

කුවේට්හි සිට පැමිණි 466 දෙනාගෙන් 333ක්ම කොරෝනා වෛරසය ආසාදිතව ඇත. එමෙන්ම, කටාර්හි සිට පැමිණි 270 දෙනාගෙන් 150ක්ම කොරෝනා වෛරසය ආසාදිතයින් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top