හය වැනි දිනයටත් ඇමරිකාවේ විරෝතාවයන් හේතුවෙන් නොසන්සුන්ව පවතී. මේ වෙද්දී නගර 40කට ආසන්න ප්‍රමාණයකට ඇඳිරි නීතිය පනවා තිබුණ ද මිනිසුන් ඒ පිළිබඳව සැළකිලිමත් නොවෙමින් කටයුතු කරයි.
කැරලි මර්දන පොලීසිය හා විරෝධතාකරුවන් අතර පිඩෙල්පියා, ලොස් ඇන්ජලීස් හා චිකාගෝ නගරවලදී ගැටුම් ඇති වී තිබෙන අතර විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් හා ගම්මිරිස් උණ්ඩ තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.
ධවල මන්දිරය ඉදිරිපිට ඇති වූ විරෝධතාවයන් හේතුවෙන් ජනාධිපති ඩොන්ලඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට සිදුවූ බවට වාර්තා වේ. ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමඟ විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබේ. ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.
2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වෙනිදා අල් කයිඩා සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තත්ත්වයෙන් පසු ධවල මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ විසින් පියවර ගනු ලැබුවා. ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමග ඇතිවූ විරෝධතාවයන් සමගයි.
ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය සමග එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට රැකියාව අවසන් කොට පිටව යාමේදී සහ නැවත සේවයට පැමිණීමේදී ඔවුන්ට ලබාදී ඇති අවසර පත්‍රයන් සඟවා ගෙන එන ලෙසට නියෝග කර තිබෙනවා.
