Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා නිසා රෙදි පිළි සාප්පුවලට ආව අලුත් නීති

කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අංශ වෙත අලුත් නීති හඳුන්වා දී තිබේ. ඒ අනුව, රෙදිපිළි සාප්පුවලින් ඇඳුම් මිලදී ගැනීමේ දී ඇඳුම් හැඳ බැලීම සහ මිලදී ගනු ලබන ඇඳුම් නැවත මාරු කිරීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

මෙම නීති කෝවිඩ් 19 ව්‍යාප්තිය වළක්වාලමින් පෙදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවේ ඇතුළත් කර තිබේ.

මීට අමතරවථ වෙළඳසැල තුළ ඇඳුම් ඇඳ බැලීම දිරිමත් නොකළ යුතු බවත් ඇඳුම් නැවත මාරු නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

Giraya News Alerts

ඒ බව රෙදි පිළි සාප්පුවල විවිධ ස්ථානයන්හි ඇඳුම් ඇඳ බලන කාමරවල සහ මුදල් ගෙවන ස්ථානවල ප්‍රසිද්ධ කළ යුතු යැයි ද එහි සඳහන් කර ඇත.

ගණුදෙනුකරුවන් සාප්පුවලට ඇතුළු වීම පාලනය කිරිම සහ වෙළෙඳ සංකිඍ්ණයේ හෝ වෙළෙඳසැලේ සිටින ගණුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව අවම කළ යුතු යැයි ද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top