කොළඹ ‘ගෆූර්’ ගොඩනැගිල්ල අවට හා එම මාවත අවට තෝරා ගත් පිරිසකට ඊයේ (30) දිනයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිත කිසිවෙකු තහවුරු වී නොමැති බව වාර්තා වේ.
පසුගියදා (27) එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදාවේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවට තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේ සිටි 200ක් පමණ වූ නාවික හමුදාවේ පිරිසක් එම ගොඩනැගිල්ල තුළදීම නිරෝධායනය කිරිමට කටයුතු කරන ලදී.
ඒ අනුව, ගෆූර් ගොඩනැඟිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහා ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගැනුණි. කෙසේ වෙතත්, එම පරීක්ෂණවලින් ඒ ගොඩනැගිල්ල අවටින් ආසාදිතයින් වාර්තා වි නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, පසුගිය මැයි මස 28 වන දින කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු වූ එම නාවික හමුදා සෙබළාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ද පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කරන ලදී.
සම්බන්ධිත පුවත්
- කොළඹ ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදාවේ පිරිසක් PCR පරීක්ෂණයට
- කොරෝනා ආසාදිත නාවික සෙබළෙකු වාර්තා වීමෙන් කොටුවේ ගොඩනැගිල්ලක සිටි 200ක් නිරෝධායනයට
