Advertise with Giraya
FOREIGN

ඇමරිකාවම ගිනි ගොඩක් කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය

ඇමරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගෙන් කළු ජාතික සංක්‍රමණිකයන්ට එල්ල වන්නා වූ පීඩනයන්ට එරෙහිව සිදු කරන්නා වූ විරෝධතාවයන් මේ වන විට උත්සන්න වෙමින් පවතී. පැතිර යන කෝවිඩ් 19 වසංගතය ද නොතකමින් නිව්යෝර්ක්, ඩෙන්වර්, චිකාගෝ හා ලොස් ඇන්ජලීස් යන නගරවල මේ වන විට දහස් ගණනින් විරෝධතාකරුවන් රැස් වෙමින් කෝලහාල සිදු වෙමින් පවතී.

‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත් සේවය වාර්තා කරන අන්දමට මේ වෙන විට පුද්ගලයින් 1400කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසීරීම හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබේ. මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර පොලීසිය විසින් නිරායුධ විරෝධතාකරුවන් පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.

මෙම විරෝධතාවයන් වලට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ පසුගිය සඳුදා (25) දින පොලීසිය විසින් කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේ දී මිය යාමේ සිද්ධියයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මිනසොටාහි පදිංචි දෙදරු පියෙකු වන මෙම මිය ගිය පුද්ගලයා ව්‍යාජ ඩොලර් 20ක නෝට්ටුවක් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගෙන ඇත.

Giraya News Alerts

පොලිස් නිලධාරීන් හතරදෙනෙකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඩෙරෙක් චෝවින් නම් පොලිස් නිලධාරියෙකු විසින් එම කළු ජාතිකයාව බිම හෙලා ඔහුගේ බෙල්ල මතට තම දණහිස තබා ගෙන මිනිත්තු 08 කට ආසන්න කාලයක් තද කොට තබා ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එලෙස පොලිස් නිලධාරින් අමානුෂීය ලෙස ක්‍රියා කරද්දී තමන්ට හුස්ම ගැනීමට නොහැකි බවට පවසමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් විසින් අවස්ථා ගණනාවකදී ආයාචනා කර ඇති මුත් ඒ කිසිවක් නොසලකා සුදු ජාතික පොලිස් නිළධාරීන් කටයුතු කර ඇත. පසුව රෝහලට ඇතුළත් කර පැයකට පසුව ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය ගොස් තිබේ.

මෙම සිදුවීම වාර්තා වීමත් සමග මිනියාපොලිස් නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වූ අතර එය මේ වන විට අමෙරිකාවේ නගර කිහිපයකටම ව්‍යාප්ත වී ගියේ ඇත්තේ සුදු ජාතික පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම කළු ජාතිකයින්ට එල්ල කරනු ලබන පීඩනයන්ට එරෙහිව සහ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් ඉටු කරදෙන මෙන් ඉල්ලමින්ය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම් කඩ සාප්පු ද ගිනි තබා විනාශ කොට තිබේ.

අඛණ්ඩව පස්වෙනි දිනටත් පැවැති මෙම විරෝධතාවන් ඊය‍ෙ රාත්‍රියේදී උග්‍ර විය. බොහෝ නගර වල පොලිස් ස්ථාන ගිනිබත් කර තිබෙන අතර, මේ වනවිට එරට රාත්‍රීය වන අතර පොලිස් රථ වාහන ගිනි තබමින්, කඩසාප්පු මංකොල්ල කමින් විරෝධතාකරුවන් කටයුතු කරනවා.

මේ වනවිට ලක්ෂ විස්සක් පමණ වන සිවිල් ජනතාව මෙම විරෝධතාවන්ට එක්වෙමින් පොලිස් ස්ථාන වලට පහර දෙමින්, කඩ සාප්පු මංකොල්ල කමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිදුවන කැරලි වලදී පොලිස් නිලධාරීන් වෙඩි තබා තිබෙන අතර එම වෙඩි තැබීම් වලින් කලු ජාතික හෙදියක්, ඇයගේ පෙම්වතා ඇතුලු පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ කැරලිකරුවන් විසින් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු වෑන් රියක් තුල සිටියදී එම වෑන් රිය ගිනි තබා, පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදී බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම කැරලි වලින් මේ වනවිට මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තා තවමත් නිකුත් වී නැහැ. විදෙස් මාධ්‍ය පවසන්නේ පොලීසිය සහ හමුදාවන් විසින් මේ වනවිට වෙඩි තැබීම අරඹා තිබෙන නිසා අවම වශයෙන් සිවිල් ජනතාව දහසක් පමණ මේ වනවිට මිය ගොස් තිබෙන බවයි.

ඊයේ දින ධවල මන්දිරයට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම, දුර දිග නොබලමින් ජනාධිපතිවරයා විසින් විරෝධතාකරුවන් කුපිත වන ආකාරයෙන් ට්විටර් පණිවිඩ සටහන් කරමින් පවසා තිබුනේ ‘ වැඩිය දැගලුවොත් වෙඩි තියලා දානවා’ යන්නයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් සිදු කරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ සීමා කිරීමට ට්විටර් ආයතනය කටයුතු කර තිබෙනවා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ තමන්ට විරෝධතාකරුවන්ගේ හැගීම් වැටහෙන බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් පිටුව සීමා නොකරන්නේ භාෂණයේ නිදහස ඩොනල්ඩ් ට්‍රම්ප්ටද හිමි නිසා බවයි.

විරෝධතාකරුවන් පවසන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු වී සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හතරදෙනාටම දඬුවම් ලැබෙන තුරු විරෝධතා නතර නොකරන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top