Advertise with Giraya
NEWS

සුව වූ ගණන 801ක් වෙද්දී සක්‍රීය ආසාදිතයින් ගණනත් 800 පන්නයි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ , ගත වූ පැය 24 තුළ දී වාර්තා වු නව ආසාදිතයින් 62 දෙනා ද ඇතුළුව යි.

එසේම, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (31) පෙරවරු 10.00 වන විට නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, මේ වන විට පුර්ණ සුවය ලද සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට සුවය ලබා ඇති ප්‍රතිශතය 49% දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

මේ මාසය තුළ දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 626ක් වේ. මෙම මාසයේ දී එක් එක් දිනකදී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද,
  • මැයි 16 – රෝගීන් 43 ක් ද,
  • මැයි 17 – රෝගීන් 17 ක් ද,
  • මැයි 18 – රෝගීන් 21 ක් ද,
  • මැයි 19 – රෝගීන් 10 ක් ද,
  • මැයි 20 – රෝගීන් 15 ක් ද,
  • මැයි 21 – රෝගීන් 20 ක් ද,
  • මැයි 22 – රෝගීන් 16 ක් ද,
  • මැයි 23 – රෝගීන් 40 ක් ද,
  • මැයි 24 – රෝගීන් 14 ක් ද,
  • මැයි 25 – රෝගීන් 21 ක් ද,
  • මැයි 26 – රෝගීන් 17 ක් ද,
  • මැයි 27 – රෝගීන් 20 ක් ද,
  • මැයි 28 – රෝගීන් 13 ක් ද,
  • මැයි 29 – රෝගීන් 09 ක් ද,
  • මැයි 30 – රෝගීන් 27 ක් ද,
  • මැයි 31 – රෝගීන් 20 ක් ද සුුවය ලබා ඇත.

මේ අතර, ඊයේ (30) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 62 දෙනෙකු වාර්තා විය. එම 62 දෙනා අතරින් 25දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. එම නාවික හමුදා සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු පුත්තලම, එක් අයෙකු කල්පිටිය, දෙදෙනෙකු මුලතිව්, 17 දෙනෙකු කන්දකාඩු, එක් අයෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානවලින් හා තවත් දෙදෙනෙකු ද නිරෝධායනය වෙමින් සිටි අය වේ.

අනෙක් 37 දෙනා විදේශගතව සිට පැමිණි ආසාදිතයින් වේ. ඔවුන්ගෙන් තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ පූනෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ ද, 8 දෙනෙකු කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ ද තවත් 26 දෙනෙකු කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 512 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 429 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 467දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 758 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 63,935ක් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
  • මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 22 – 1970 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 23 – 1998 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 24 – 1742 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 52
  • මැයි 25 – 1342 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 41
  • මැයි 26 – 1146 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 137
  • මැයි 27 – 1838 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 150
  • මැයි 28 – 1713 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 61
  • මැයි 29 – 1330 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 28
  • මැයි 30 – 1727 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 62

එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 800 ඉක්මවා ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය අද (31) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට සක්‍රීය ආසාදිතයින් 809ක් රෝහල්ගතව සිටියි. මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් ගණන වේ.

රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ. ඒ අනුව ගත් කළ සතියක් තුළදී සක්‍රීය ආසාදිතයින් ගණන 370කින් වැඩි වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද(31) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 148ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 91 ක් ද, මුල්ලේරියාව රෝහලේ 46ක් ද, ඉරණවිල රෝහලේ 50ක් ද, කාතාන්කුඩි රෝහලේ 92ක් ද, නාවික රෝහලේ 97 ක් ද, හෝමාගම රෝහලේ 95ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 46 ක් ද, හම්බන්තොට මහ රෝහලේ 99 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් 45දෙනෙකු මේ වන විට රෝහල්වලට යොමු කරමින් පවතියි.

තවත් පුද්ගලයින් 74ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.62%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top