Advertise with Giraya
NEWS

රාජ්‍ය අනුග්‍රහය ඇතිව තොණ්ඩමන්ගේ අවමංගල්‍යය අද සවස

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (31) දිනයේ දී සවස 3.00ට නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතය. ඒ සඳහා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලන නායකයින් රැසක් ද සහභාගී වීමට නියමිතව තිබේ.

පසුගිය අඟහරුවාදා (26) වන දා හදිසියේ අභාවප්‍රාප්ත වූ අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් අවසන් ගෞරව දක්වන ලදහ. ඉන් අනතුරුව රම්බොඩ වැවන්ඩන් වත්තේ නිවසට ගෙන එන ලදි.

තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ (30දා) පස්වරුවේ සිට අද (31) දින පස්වරු 1 දක්වා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තොණ්ඩමන් පදනම් කාර්යයාලයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන (31) දිනයේ කොටගල , හැටන් , නොර්වුඩ් යන ප්‍රදේශවලට යුධ හමුදාව, පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව දැඩි ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති අතර ඇදිරි නිති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් , හිතවතුන් , දේශපාලඥයින් සහ අධාරකරුවන් 200 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් හිටපු අමාත්‍යය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර තිබෙන බව ආරංචි මාර්ග වාර්තා වේ.

මීට අමතරව, අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු හිස් වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධූරය මහමැතිවරණය අවසන් වන තෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top