ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1558 දක්වා ඉහළ ගොස් ඇත. ඒ, ඊයේ (29) දිනයේ දී වාර්තා වූ රෝගීන් 28 දෙනා ද ඇතුළුවයි.
අද (30) පෙරවරු 10.00 වන විට දී සුවය ලද තවත් ආසාදිතයින් 28 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 781ක් දක්වා වැඩි වී තිබේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සුව වීමේ ප්‍රතිශතය යළිත් 50% මට්ටමට ළඟා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- මැයි 01 – රෝගීන් 08 ක් ද,
- මැයි 02 – රෝගීන් 10 ක් ද,
- මැයි 03 – රෝගීන් 12 ක් ද,
- මැයි 04 – රෝගීන් 10 ක් ද,
- මැයි 05 – රෝගීන් 19 ක් ද,
- මැයි 06 – රෝගීන් 02 ක් ද,
- මැයි 07 – රෝගීන් 17 ක් ද,
- මැයි 08 – රෝගීන් 08 ක් ද,
- මැයි 09 – රෝගීන් 20 ක් ද,
- මැයි 10 – රෝගීන් 61 ක් ද,
- මැයි 11 – රෝගීන් 22 ක් ද,
- මැයි 12 – රෝගීන් 23 ක් ද,
- මැයි 13 – රෝගීන් 16 ක් ද,
- මැයි 14 – රෝගීන් 63 ක් ද,
- මැයි 15 – රෝගීන් 32 ක් ද,
- මැයි 16 – රෝගීන් 43 ක් ද,
- මැයි 17 – රෝගීන් 17 ක් ද,
- මැයි 18 – රෝගීන් 21 ක් ද,
- මැයි 19 – රෝගීන් 10 ක් ද,
- මැයි 20 – රෝගීන් 15 ක් ද,
- මැයි 21 – රෝගීන් 20 ක් ද,
- මැයි 22 – රෝගීන් 16 ක් ද,
- මැයි 23 – රෝගීන් 40 ක් ද,
- මැයි 24 – රෝගීන් 14 ක් ද,
- මැයි 25 – රෝගීන් 21 ක් ද,
- මැයි 26 – රෝගීන් 17 ක් ද,
- මැයි 27 – රෝගීන් 20 ක් ද,
- මැයි 28 – රෝගීන් 13 ක් ද,
- මැයි 29 – රෝගීන් 09 ක් ද,
- මැයි 30 – රෝගීන් 27 ක් ද සුුවය ලබා ඇත.
මේ අතර, ඊයේ (28) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා විය. එම 27 දෙනා අතරින් 17දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. අනෙක් 11 දෙනා විදේශගතව සිට පැමිණි ආසාදිතයින් වේ.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 475 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 392 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 430 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 734 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 13 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
- මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
- මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
- මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 22 – 1970 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 23 – 1998 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- මැයි 24 – 1742 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 52
- මැයි 25 – 1342 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 41
- මැයි 26 – 1146 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 137
- මැයි 27 – 1838 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 150
- මැයි 28 – 1713 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 61
- මැයි 29 – 1330 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 28
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 62,208ක් වේ
එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන වැඩිම සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය වන ආසාදිතයින් 767 ක් ලෙස මේ වන විට වාර්තා වේ. පසුගිය මැයි මස 23 වන දිනය වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ. එනම් සතියක් තුළදී සක්‍රීය ආසාදිතයින් ගණන 328කින් වැඩි වී ඇත.
ඒ අනුව, අද(30) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 158ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 90 ක් ද, මුල්ලේරියාව රෝහලේ 35ක් ද, ඉරණවිල රෝහලේ 50ක් ද, කාතාන්කුඩි රෝහලේ 92ක් ද, නාවික රෝහලේ 97 ක් ද, හෝමාගම රෝහලේ 97ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 46 ක් ද, හම්බන්තොට මහ රෝහලේ 96 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් 06දෙනෙකු මේ වන විට රෝහල්වලට යොමු කරමින් පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
තවත් පුද්ගලයින් 55ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.64%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි
