පසුගිය දිනයක රූපවාහිනි වැඩසටහනක දී ඇය කියූ කතාවක් නිසා පැතිරුණු නානාප්‍රකාර කටකතා මැද වුවද ඇයගේ කටහඬ අසන්නට නම් කිසිවෙකු මැලි නොවූ තරම් ය.
සමිතා එරන්දතී මුදුන්කොටුව. නම කිව්වම ලංකාවේ කවුද නොදන්නේ. ඇගේ හඬ රසික ජනතාවට බැඳිලා. සමිතා ගැන ඇහුන කතා වලින් කිය වුනේ ඇය ආයෙත් විවාහ වෙන්න යනවාය කියලා තමයි. මෙයට හේතුව වී තිබුනේ රූපවාහිනි වැඩසටහනක දී ඇය කළ ප්‍රකාශයක්.
එහිදී ඇගෙන් නැවත විවාහ වුණාදැයි ඇසූ ප්‍රශ්නයට සමිතාගේ පිළිතුර වුණේ “විවාහ වෙයි” යනුවෙන්. ඇය වැඩිදුරටත් එම වැඩසටහනේදී පවසා තිබුණේ දරුවෝ දෙන්නා තමන්ගේ පණ, තමන් කවදාවත් ඒ දෙන්නාව දාලා ගියේ නැති බව වගේම ජීවිතය වගේ ඉන්න තමන්ගේ දරුවෝ දෙන්නවත් ආදරයෙන් බලාගන්න කෙනකුට තමන් ආදරය කරන බවයි. එය තමන්ගේ දරුවන්ට ප්‍රශ්නයක් නොවෙයි නම් කාටත් ප්‍රශ්නයක් නැති බවත් තමයි ඇය එම රූපවාහිනි වැඩසටහනේ දී පැවසුවා.
එම වැඩසටහනේදීම තමන්ගේ පෙම්වතා බවට ඇය පෙන්වූ ඡායාරූපයක් නිසා සමාජ මාධ්‍යවල ටික් ටොක් වීඩියෝවලින් ජනප්‍රිය තරුණයකු දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමුවීම හේතුවෙන් තමයි පසුගිය සතිය පුරාවටම සමිතාට විවිධාකාරයේ මඩ ප්‍රහාරවලට ගොදුරු වෙන්න සිදු වුනේ.
මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ පුවත්පතට ඇය පළ කර තිබුනේ මෙවැනි අදහසක්.
“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමති නැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”
එසේම, සමිතා ඇගේ අලුත් මියුසික් වීඩියෝ එක ගැනත් අදහස් පල කර තිබුනා.
“ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ. කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු. ඒක හොඳයි නේද?” යනුවෙනි.
