ලොව පුරා කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන මේ වන විට මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා. worldometer වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට දැනට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 6,033,875ක් වේ. මිය ගිය ගණන 366,894ක් වේ. සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,661,212 ක් වන අතර තවත් රෝගීන් 3,005,769ක් ආසාදිත තත්ත්වයේ පසුවේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිටම ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රටවල් අතර පෙරමුණ ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 1.7 ඉක්මවා ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් 104,542 දෙනෙකුට තම දිවි අහිමි වී තිබේ. එසේම, තවත් මිලියන 1.6 අධික ඇමරිකාවේ පුද්ගලයින් ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයේ පසුවේ. එමෙන්ම, ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්නන් 62,000කට අධික ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිතව තිබේ.
ඇ.එ.ජ. පසුව දැනට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වේ. ගත වූ සතිය ඇතුළත දී වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර ලොව වැඩිම රෝගීන් ගණනින් දෙවැනි තැනට සිටි රුසියාව අභිබවා ගිය ආසාදිත ප්‍රමාණයක් එරටින් වාර්තා විය. දැනට බ්‍රසීලයේ ආසාදිතයින් 468,338 දෙනෙකු වාර්තා වී ඇති අතර එයින් 27,944 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබේ. ගත වූ පැය 24 තුළ දී පමණක් බ්‍රසීලයේ පුද්ගලයින් 29,526 දෙනෙකුට වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇත.
ලොව තෙවැනි තැනට මේ වෙද්දී කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ රුසියාවෙන් වේ. කෙසේ වෙතත්, රෝගයේ ව්‍යාප්තිය වැඩි වුවද ඇමරිකාවට හා බ්‍රසීලයට සාපේක්ෂව රුසියාවේ මරණ ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබේ. රුසියාවෙන් දැනට කොරෝනා ආසාදිතයින් 387,623ක් වාර්තා වී ඇති අතර එයින් ආසාදිතයින් 4374 දෙනෙකුට තම දිවි අහිමිව තිබේ. ඊයේ (29) දිනයේ දී රුසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වූ පුද්ගල මරණ 232ක් වාර්තා විය. කෙසේ වෙතත්, රුසියාවේ ජනාධීපති ව්ලැද්මීර් පුටින් පවසන්නේ මේ වෙද්දී රුසියාව වෛරසයේ උච්චතම අවස්ථාව පසු කර ඇති බවයි.
ඇමරිකාව, රුසියාව හා බ්‍රසීලයට පසුව මේ වන විට වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ අසල්වැසි ඉන්දියාවෙන් ය. ඉන්දියාවේ ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයින් 8105ක් වාර්තා වී තිබේ. එය එරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වේ. ඇමරිකාවේ, රුසියාවේ, බ්‍රසීලයේ පිළිවෙලින් එම ගණන 25,069, 8572, 29,526ක් වේ. ඉන්දියාවේ මේ වෙන විට වාර්තා වන කොරෝනා අසාදිතයින් ගණන 173,491ක් වේ. මිය ගිය ගණන 4980ක් වේ. ආසාදිතයින් වැඩිම ලැයිස්තුවේ ඉන්දියාව මේ වන විට 09 වැනි තැනට පත්වී ඇත.
ස්පාඤ්ඤය, ප්‍රංශය,ඉතාලිය හා ජර්මනිය යන යුරෝපීය රටවල මේ වන විට වෛරසය ව්‍යාප්තිය අඩු වී ඇති අතර දිනකට එම රටවල්වලින් වාර්තා වන රෝගීන් ප්‍රමාණය 660කට අඩු ප්‍රමාණයක් වේ. ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත්තේ පුද්ගල මරණ 2කි. ජර්මනියේ 24කි. ප්‍රංශයේ 52කි. ඉතාලියේ එම ගණන 87ක් වේ.
බ්‍රිතාන්‍යයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 271,222ක් වන අතර ඊයේ (29) දිනයේ දී ද එරටින් ආසාදිතයින් 2000 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වී තිබේ. දැනට වෛරසය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ මිය ගිය ප්‍රමාණය 38,161ක් වේ. ඊයේ (29) දිනයේ දී එරට 324 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
ඉන්දියාවට පසුව මේ වන විට සීඝ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වන තවත් රටවල් 3ක් වන්නේ පේරු, චිලී රාජ්‍යය හා මෙක්සිකෝවයි. පේරු හි මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 148,285ක් වන අතර ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයින් 6506ක් වාර්තා වී තිබේ. එරට වෛරසය හේතුවෙන් මියගිය ගණන 4230ක් වේ.
චිලී රාජ්‍යයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 90,638ක් වන අතර ඊයේ දිනයේ දී 3695ක් වාර්තා වී තිබේ. එරට වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 944කි.
මෙක්සිකොවෛන් වාර්තා වූ ආසාදිතයින් ගණන 81,400ක් වන අතර ඊයේ (29) දිනයේ දී ආසාදිතයින් 3377ක් වාර්තා වී තිබේ. එරට වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 9044ක් වේ.
වසංගතය පිළිබඳව දැනට පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ පනවා ඇති සීමා ලිහිල් කළද ඉන් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම පහව නොයන බවයි. ඒ අනුව ලෝක ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ මීළග ව්‍යාප්තිය සඳහා ඉතා ඉක්මනින් සූදානම් විය යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පැවසීමට ප‍්‍රධානම හේතු ව වූයේ ලොව පුරා රටවල් රැසක් වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කොට සාමාන්‍ය ජනජීවීතයට යළිත් හුරුවෙමින් සිටින පසුබිමක් තුළයි. එවන් පසුබිමක් තුළ පුද්ගල දුරස්ථභාවය වැනි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ද එම සංවිධානය සඳහන් කරයි.
