Advertise with Giraya
NEWS

මිරිස්සේ වෙඩි තැබීමකින් එක් අයෙක් රෝහලේ

මිරිස්සේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ. අද (30) උදෑසන 7.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

යතුරු පැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන පොලිසියට භාර දි ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පලා ගොස් ඇත. අත්අඩංගුවේ පසුවන සැකකරු අවුරුදු 25 ක් වන මීදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රහාරයෙක් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 28ක් වයසැති මිරිස්ස ප්‍රදේශයෙ පදිංචිකරුවෙක් වේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top