Advertise with Giraya
NEWS

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාර

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ තහවුරු කරයි.

එම සයිබර් ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බව සඳහන් වේ.

මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇති බවයි.

මේ මාසයේ 18 වන දින ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි පහකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල විය. ඒ අතර, ‘හිරු නිවුස්’ වෙබ් අඩවිය ද විය. එම ප්‍රහාර මාලාව සිදු කර තිබුනේ ‘ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයක් විසින් බව වාර්තා විය.

2014 වර්ෂයේ සිට ම සෑම වර්ෂයකම පාහේ මෙවැනි ප්‍රහාරයන් එල්ල වූ අතර 2014 වසරේ මැයි 18 වන දින ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් (Tamil Eelam Cyber Force) නැමැති පිරිසක් විසින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල කිරීම සිදුකර තිබිණි.

පසුගිය වසරේ ද මැයි 18 වන දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමටත් යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් Tamil Eelam Cyber Force යන කණ්ඩායම සමත්ව තිබිණි.

එහිදී එම ප්‍රහාරයට හේතුව ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමුහය සඳහන් කර තිබුණේ එවකට හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතා විසින් ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බවයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top