Advertise with Giraya
FOREIGN

කොරෝනා ආසාදිතයින් වැඩිම ලැයිස්තුවෙන් ඉන්දියාව 09 වැනි තැනට

දකුණු ආසියාවේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන රටක් ලෙස හඳුනාගෙන ඇති අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (28) දිනයේ දී වාර්තා වූ වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය වූ කොරෝනා ආසාදිතයින් 7300ක් වාර්තා වී තිබේ.

එමෙන්ම, අද (29) දිනය වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතර 09 වැනි තැනට ඉන්දියාව පත් වී ඇත. තවද, වෛරසයේ මූලාරම්භය වූ චීනයේ සිදු වූ කොරෝනා මරණ ප්‍රමාණය ඉක්මවා දැනට ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 4797 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

චීනයේ වෛරසය මුලින්ම වාර්තා වූයේ දෙසැම්බර් මාසයේ දී වන අතර මේ වන විට 84,000 ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත. නමුත්, ඉන්දියාවේ පළමු ආසාදිතයා වාර්තා වූයේ ජනවාරි මස අගදී වන අතර මේ වන විට ආසාදිතයින් ප්‍රමාණය 167,442ක් (worldometers වෙබ් අඩවියට අනුව) වාර්තා වී ඇත.

Giraya News Alerts

ඉන්දියාවේ වාර්තා වන සතුටුදායක දෙයක් නම් එහි කොරෝනා වෛරසය ආසාදිතව සුව විමේ ප්‍රතිශතය 42%ක් ලෙස වාර්තා වීමයි. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 71,369 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය මිලියන 5.9 ඉක්මවා ගොස් ඇති අතර පුද්ගලයින් 362,605 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top