Advertise with Giraya
FOREIGN

පෙම්වතා සමඟ පැන ගිය වරදට ඉරානයේ පියෙකු තම දියණියව ඝාතනය කරයි

තම 14 හැවිරිදි දියණියව ඝාතනය කිරීමේ චෝදනාවට ඉරාන ජාතිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට හේතු වී තිබෙන්නේ පියාගේ විරෝධය නොතකමින් රොමිනා අෂ්රෆි විසින් ඇගේ 35 හැවිරිදි පෙම්වතා සමඟ ගිලාන් පළාතේ නිවසින් පලා යාමයි. පලා ගිය යුවළ පසුව පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර රොමිනා තම ජීවිතය පිළිබදව බියෙන් පසුවන බව පොලීසියට පැවසුව ද පොලීසිය විසින් ඇයව නිවස වෙත යවා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇගේ පියා විසින් ඇගේ නිදන කාමරයේ දී ඇයට පහර දුන් බව වාර්තා වේ. රොමිනාගේ දෑකැත්තකින් “හිස ගසා දැමූ” බවත්, පසුව පියා නිවසින් පිටත ඇවිදිමින් “දෑකැත්ත අතැතිව පාපොච්චාරණය කළ” ගිල්කබාර් පුවත්පත වාර්තා කරයි.

පසුගිය බදාදා (27) දින එරට ජාතික පුවත්පත් ගණනාවක රොමිනාගේ කතාව ඔවුන්ගේ මුල්පිටුවල ඉස්මතු කරමින් පළ කරන ලදී.

මේ වන විට පර්සියාවේ #Romina_Ashrafi යන හෑෂ් ටැගය ඇතුළත් ට්විටර් පණිවිඩ 50,000කට වඩා සටහන් කරමින් පරිශීලකයින් පොදුවේ ඉරාන සමාජයේ පුරුෂාධිපත්‍ය හෙළා දැක තිබේ.

මෙවන් ආකාරයේ ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධයක් පළ කරමින් සිටිය ද පවුල් නාමයට අපකීර්තිමත් අයුරින් කටයුතු කරන පුද්ගලයින් ඝාතනය කරන්නට එරට මුස්ලිම් නීතිය අනුව පියාට බලය හිමිවේ. ඉරානයේ ඉස්ලාමීය දණ්ඩ නීති සංග්‍රහය මඟින් ගෘහස්ථ හිංසනය හෝ “ගෞරව ඝාතන” වලදී මිනීමැරුම් හෝ ළමයින්ට ශාරීරිකව හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පියවරුන්ට සහ අනෙකුත් පවුලේ සාමාජිකයින්ට ලිහිල් දඬුවම් ලබා දීම සිදු කරයි.

කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ හිටපු උප සභාපතිවරියක සහ ඉරානයේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ වත්මන් ලේකම් ෂහින්දොක්ට් මොලවර්ඩි මෙසේ ලිවීය: “රොමිනා ගෞරවනීය ඝාතනවල පළමු ගොදුරක් නොවනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රජාවන්හි නීතිය සහ ප්‍රමුඛ සංස්කෘතීන් ප්‍රමාණවත් ලෙස වළක්වා නොගන්නා තාක් කල් එවැනි ඝාතන දිගටම පවතිනු ඇත.”

මේ අතර එරට ජාතික මාධ්‍ය ආයතනයක් වන JamJam විසින් රොමිනාගේ ඡායාරූපය සම්පූර්ණ හිස වැහෙන ලෙස හිජාබය පැළඳ සිටින ආකාරයෙන් සංස්කරණය කිරීම පිළබඳව මේ වන විට විවේචන එල්ල වෙමින් පවතී. එම ඡායාරූපය පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top