Advertise with Giraya
NEWS

කොළඹ ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදාවේ පිරිසක් PCR පරීක්ෂණයට

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදිත බවට ඊයේ (27) දිනයේ දී තහවුරු විය. ඒ හේතුවෙන්, සෙබළුන් 200 කට ආසන්න පිරිසක් ගොඩනැගිල්ල තුළ දී ම නිරෝධායනය සඳහා යොමු කිරිමට මේ වන විට කටයුතු කර ඇත.

වෛරසය ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා සාමාජිකයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනුණු නාවික හමුදා සෙබළුන් පිරිසක් අද (28) දිනයේ දී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ.

එසේම, මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත නොගත යුතු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර පවසනවා. එම සෙබළ පිරිස නාවික හමුදා රෝහලට සම්බන්ධ අවදානම් කලාපයේ සේවා සපයන නාවික හමුදා කණ්ඩායමක් බව ඔහු පවසයි.

Giraya News Alerts

එමෙන්ම, කොළඹ පිහිටි ගෆූර් ගොඩනැගිල්ල නාවික හමුදාවට පවරා ගත් ගොඩනැගිල්ලක් බවත් ඔවුන් විවෘත සමාජයෙන් වෙන්ව හුදෙකලාව සිටි පිරිසක් බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර, නාවික හමුදා සෙබළුන් පිරිසක් මේ අයුරින් කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බවට පොලීසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් වී නොසිටි බවට ඇතැමුන් චෝදනා එල්ල කරයි. මෙම චෝදනාවට පිළිතුරු දෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඒ අයුරින් භට පිරිස් රඳවා තැබූ ස්ථාන කොළඹ ප්‍රදේශයේ මෙන්ම පිට පළාත්වල ද තිබූ බවයි. ඒ සියල්ල පිළිබඳව අදාළ අංශ දැනුවත් කර තිබූ බව ද ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව කිසිවෙකු චෝදනා කරන්නේ නම් ඔවුන් ඒ පිළිබඳව පෞද්ගලිකව සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

නිවාඩු සමය හේතුවෙන් ඇතැම් පාසැල්වල ද, ධනවතුන් විසින් පරිත්‍යාග කරන ලද හෝටල්වල මෙන්ම, විහාරස්ථාන හා කතෝලික දේවස්ථාන වල ගොඩනැගිලි වලද මේ අයුරින් අමතර භට පිරිස් හුදෙකලා කර රඳවා තබා තිබෙන බව ද ඔහු සඳහන් කළා. එබැවින් මේ පිළිබඳව සියළුම තොරතුරු අවශ්‍ය අංශ වෙත ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා.

සම්බන්ධිත පුවත්
කොරෝනා ආසාදිත නාවික සෙබළෙකු වාර්තා වීමෙන් කොටුවේ ගොඩනැගිල්ලක සිටි 200ක් නිරෝධායනයට

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top