Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැයි 31, ජුනි 04,05 මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශ විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

Giraya News Alerts

ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top