ඇමරිකා එක්සත් ජනපදයේ පළමු රෝගියා වාර්තා වීමෙන් දින දෙකකට පසු එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ “තත්ත්වය මුළුමනින්ම පාලනය” කර ඇති බවත් “සියල්ල යහපත්” අයුරින් සිදු වන බවට ජනතාවට සහතික වන බවත් ය.
නමුත් ගත වූ මාස 4 ඇතුළත දී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක් පුරාවට කෝවිඩ් 19 වසංගතය පැතිර ගොස් තිබේ. අද(28) දිනය වන විට වෛරසය හේතුවෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එය ලොව පුරා සිදු වූ මරණ ප්‍රමාණයෙන් 1/3කට ආසන්න ප්‍රමාණයක් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 1.6 ඉක්මවා තිබේ.

අප්‍රේල් මස මුලදී ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවෙන් ඇමරිකාව පෙරමුණ ගත් අතර එය මේ වෙද්දී මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලදී පැවසුවේ වසංගතය හේතුවෙන් ඇමරිකාවේ “50ත් 60,000ත්” අතර පිරිසක් මිය යා හැකි බවයි. පසුව මැයි මාසයේ දී ඔහු සඳහන් කළේ එම සංඛ්‍යාව 100,000ට වඩා අඩුවෙතැයි තමන් විශ්වාස කරන බවයි. නමුත්, එම සංඛ්‍යාව දැනටමත් ඉක්මවා ගොස් ඇති අතර දිනකට වෛරසය හේතුවෙන් සාමාන්‍යයෙන් මියයන ඇමරිකානුවන් ගණන 1000 ඉක්මවා ගොස් ඇත.
සිදුවන මරණ ප්‍රමාණයට වඩා ජනාධිපතිවරයා කැමැත්ත දැක්වූයේ මරණ අනුපාතිකය, එනම් ජනගහණයට සාපේක්ෂව සිදු වන මරණ සංඛ්‍යාව අනෙක් රටවල් සමඟ සන්සන්දනාත්මකව ඉදිරිපත් කිරීමට ය. ඒ තුළින් ඇමරිකාව අනෙක් රටවල් වලට සාපෙක්ෂව වසංගතයට හොඳින් මුහුණ දී ඇති බව ඉදිරිපත් කිරීමට ය.
පහත වගුවෙන් දැක්වෙන්නේ දැනට වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වි ඇති රටවල් සහ දකුණු පසින් එම රටවල්වල මරණ අනුපාතිකය දැක්වේ. එයින් වසංගතය හේතුවෙන් ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් මිය ගිය රටවල් පැහැදිලිව හඳුනාගත හැකිය.

මිලියන 11.5ක ජනගහනයක් වෙසෙන බෙල්ජියමේ ආසාදිතයින් 100,000කට 80ක් පමණ මිය යන අතර ජනගහනය මිලියන 330ක් පමණ සිටින ඇමරිකාවේ මියයන ප්‍රමාණය 30ක් වේ.
නමුත්, වෛරසය හේතුවෙන් ඇමරිකාවේ දරුණුතම බලපෑමට යටත් වු නිව්යෝර්ක් ප්‍රාන්තය දෙස බැලුවහොත් එහි මරණ අනුපාතිකය පුද්ගලයින් 100,000කට මරණ 150ක් පමණ වේ. එයින් පෙන්නුම් කරන්නේ සමස්තයක් ලෙස නොව ඇමරිකාව පුරා එම අනුපාතිකය විශාල ලෙස වෙනස්කම් පෙන්නුම් කරන බවයි.
එසේම, රටවල් අතර සංසන්දනාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ඇතිවන ප්‍රධාන ගැටළුවක් නම් ඔවුන් විවිධාකාරයෙන් මරණ ගණන වාර්තා කිරීමයි. උදාහරණයක් ලෙස, බෙල්ජියමේ මරණ සංඛ්‍යාව තුළ කොරෝනා වෛරසය ඇති බවට සැක කළ මුත් තහවුරු නොකළ පුද්ගල මරණ සංඛ්‍යාව ද ඇතුළත් වේ. එසේම, සමහර එක්සත් ජනපද රාජ්‍යයන් ද මේ අයුරින් මරණ ගණන වාර්තා කරයි.
එමෙන්ම, සමහර රටවල්වල ඉදිරිපත් කරන නිල දත්ත විශ්වාස කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක් ඇති වී තිබේ. චීනයේ ඉදිරිපත් කර තිබෙන කොරෝනා මරණ ප්‍රමාණයට වඩා කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බවත් ඔවුන් එය අඩුවෙන් වාර්තා කර ඇති බවටත් ඇතැමුන් චෝදනා කරයි.
තවත් හේතුවක් වන්නේ රටවල් වසංගතය පැතිරීමේ විවිධ අවස්ථාවන්වල සිටීමයි. බොහෝ යුරෝපීය රටවල් මේ වන විට වසංගතයේ උපරිම මට්ටමට ළඟා වී ඇති අතර දෛනිකව වාර්තා වන මරණ ප්‍රමාණයේ අඩු වීමක් වාර්තා කරයි. නමුත්, ඇමරිකාව සඳහා ඒ සමාන ලෙස පැවසිය නොහැක.
යුරෝපයේ රටවල් කිහිපයක් හා ඇමරිකාවේ වසංගතය පැතිරිම එකම කාල පරාසයන්හිදී සිදු වී ඇති අතර මේ වන විට එම රටවල්වල මරණ සංඛ්‍යාව උච්චම අවස්ථාවට පැමිණ වේගයෙන් අඩු වෙමින් පවතී. නමුත්, ඇමරිකාවේ එසේ සිදු වී නැත.
එයට හේතුවක් වී තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් ඇමරිකවේ විශාලත්වයයි. එක්වර එක පුපුරායාමක් වෙනුවට රට පුරා විවිධ කාලවකවානුවලදි විවිධ අනුපාතයන්ට අනුව වෛරසය පැතිරීමේ පොකුරු කිහිපයක් හඳුනාගත හැකිය.
නිව්යෝර්ක්වල වෛරසයේ මුල් අවධියේ දී ම ඉක්මනින්ම පැතිරීම සිදු වූ අතර අප්‍රේල් මස මුලදීම වසංගතයේ උච්ච අවස්ථාවය ළං වීය. එනමුදු, ඇමරිකා එක්සත් ජනපදයේ සෙසු ප්‍රදේශවල දෛනික මරණ සංඛ්‍යාව පහත වැටීම මන්දගාමීව සිදු වේ.

මුල් කාලයේ දී දරුණු ලෙස පීඩාවට පත් වූ ලුසියානා හා මිචිගන් වැනි ප්‍රාන්තවල දෛනික මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබේ. නමුත් එම ප්‍රාන්තවල තත්ත්වය යහපත් අතට හැරී ඇති හෙයින් අනෙක් ප්‍රාන්තවල තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත. ප්‍රාන්තවලින් තුනෙන් එකක් පමණ පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් වාර්තා වන අතර රෝඩ් අයිලන්ඩ්, මිසිසිපි හා ඔහියෝ යන ප්‍රාන්තවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මෑත කාලීනව ජනාධිපති ට්‍රම්ප් විසින් ඇමරිකාවේ සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳව කතා කිරිමට යොමු විය. නවතම දත්ත වාර්තා වලට අනුව මේ වන විට ඇ.එ.ජනපදයේ පරීක්ෂණ මිලියන 15ක් පමණ සිදු කර ඇත. එම අගයෙන් එක්සත් ජනපදය අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් සිටින නමුත් වෛරසය පාලනය කිරීමේදී සිදු කරන පරීක්ෂණ ප්‍රමාණයට වැඩි කිරීමට වඩා යමක් ඇත.
වසංගතය පැතිරිමේ මුල් අවධියේ දී ම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර ආසාදිතයින්ගේ සම්බන්ධතා සොයා ගැනීම මඟින් පැතිරීම මන්දගාමී කිරීමට කටයුතු කළ රටවල් සාර්ථක වී ඇත. නිදසුනක් වශයෙන් දකුණු කොරියාව වසංගතය පැතිර යාමේ මුල් අවධියේ දී ම වෛරසය වැළඳීම තහවුරු කිරිමේ පරීක්ෂණ වේගවත්ව සිදු කරමින් වසංගතය පාලනය කිරිමට සමත් විය. දකුණු කොරියාවේ ජනගහනය මිලියන 50ක් පමණ වන අතර වෛරසයෙන් මිය ගොස් ඇති ප්‍රමාණය 300කටත් අඩු වේ.

නමුත්, ඉහත ප්‍රස්තාරය අනුව ඇමරිකාවේ පළමු මරණය සිදු ව සති කිහිපයකට පසුව ද නිලධාරීන් පරීක්ෂණ ප්‍රමාණය වේගවත්ව සිදු කර නොමැත.
මාර්තු මාසයේ මුලදී බෝවන රෝග පිළිබඳව එක්සත් ජනපදයේ ඉහළම සෞඛ්‍ය නිලධාරි ඇන්තනි ෆවුසි ‘පරීක්ෂණ ක්‍රමය දැනට අසාර්ථක බවත් එක්සත් ජනපදයට පරීක්ෂණ සැපයීමට නොහැකි වූ බවත් අනෙක් රටවල් පහසුවෙන් සිදු කරන බවත්’ පිළිගත්තේ ය.
එක්සත් ජනපදය විසින් ආරම්භක ගැටලු මඟහරවා ගෙන ඇති බවට දෛනික පරීක්ෂණ මට්ටමින් පෙන්නුම් කරන නමුත් ප්‍රගතියක් ලබා ගෙන නොමැත. මිට ඉහත රූපය නිවැරදි නම්, එය තවමත් ජනගහනයෙන් 4.5%ක් පමණි.
මීට පෙර ප්‍රක්ෂේපන මට්ටම අඩු මට්ටමක පැවතිය ද ධවල මන්දිරය නිකුත් කර ඇති ආකෘතියක් පෙන්වා දෙන්නේ අගෝස්තු මස වන විට මරණ සංඛ්‍යාව 150,000 පමණ විය හැකි බවයි. අනාවැකි ඉදිරිපත් කිරීමේ දී පැන නගින එක් ගැටළුවක් නම් එක්සත් ජනපද ආර්ථිකය ක්‍රමයෙන් නැවත විවෘත කිරීමේ දී එය වෛරසය පැතිරීම කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව කිසිවෙකුට විශ්වාසයක් නොමැති වීමයි.
මේ වන විට, එක්සත් ජනපද ජනගහනයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්ය අගුලු දැමීමේ නියෝග යටතේ සිටියද, බහුතරයක් රාජ්‍යයන් දැන් ඔවුන්ගේ නිවසේ රැඳී සිටීමේ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ.

නැවත විවෘත කිරීමට ප්‍රථම ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සැපිරිය යුතු නිර්ණායක මාලාවක් ධවල මන්දිරය විසින් ඉදිරිපත් කර ඇති අතර එයට සති දෙකක කාලයක් තුළ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ අඩු වීමේ නිර්ණායකය ද ඇතුළත්ව තිබේ. නමුත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම නිර්ණායක සපුරාලන්නේ ප්‍රාන්ත කිහිපයක් පමණක් බවයි.
වෛරසය පාලනය කිරීමකින් තොරව විවෘත කිරීමට යාමෙන් ‘කුඩා පුපුරා යෑම් (වෛරසය පැතිරීමේ) වසංගත තත්තවයට හේතු වනු’ ඇතැයි වෛද්‍ය ෆවුසි ප්‍රාන්තවලට අනතුරු අඟවා තිබේ. නමුත්, ඔහුගේ උපදෙස් ජනාධිපති ට්‍රම්ප්ගේ මතයට පටහැනිය. ජනාධිපතිවරයාගේ අභිලාෂය වන්නේ ආර්ථිකය නැවත විවෘත කර ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කිරීමය. නවතම සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කරන අන්දමට ඇමරිකාවේ වසංගතය පැතිර යාමේ දින සිට ශ්‍රම බලකායෙන් හතරෙන් පංගුවකට තම රැකියා අහිමි වී ඇති බවයි.
රට නැවත විවෘත කිරීමෙන් ජිවිත අහිමි වේදැයි අසන ලද ප්‍රශ්නයකට ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ‘සමහර පුද්ගලයින්ට දරුණු ලෙස බලපානු ඇත්ද? ඔව්. නමුත් අපට අපේ රට විවෘත කළ යුතු අතර එය ඉක්මනින් විවෘත කළ යුතුයි’ යන්නයි.
ප්‍රාන්ත රාජ්‍යයන් විසින් දිගින් දිගටම පනවා ඇති සීමාවන් ලිහිල් කරමින් සිටිය ද ඇමරිකානු මහජනතාව තවමත් වෙළඳසැල් සහ ආපනශාලා වෙත ආපසු යාමට උනන්දු වන්නේද යන්න පැහැදිලි නැත. නමුත්, පිව් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෑතකදී කරන ලද මත විමසුමකට අනුව ඇමරිකානුවන්ගෙන් 70% ක්ම රාජ්‍යයන් ඉක්මනින් නැවත විවෘත වේ අපේක්ෂා කරයි.
-බීබීසි පුවත් සේවයේ පළ වූ වාර්තාවක් ඇසුරෙනි-
