හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 102 කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති බවට අදාළ ලිපි යැවූ බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ. ඒ ඔවුන් වෙනත් දේශපාලන පක්ෂයක් හරහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා අත්සන් කර තිබීම හේතුවෙන් ය.
අදාළ ලිපි මැයි මස 26 වන දින ලියාපදිංචි තැපෑලෙන් යවා ඇති බව ඔහු සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂයට සම්බන්ධ වෙනත් ක්‍රියාකාරීකයින් ද මෙම 102 දෙනාට ඇතුළත් වන බව මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන රැස්වීමක් පසුගිය සිකුරාදා (22) දිනයේ පෙරවරු 10ට සිරිකොතේ දී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධානව පැවති රැස්වීමක දී සාකච්ඡා කර ඇත.
පක්ෂ සාමාජිකත්වය අනුව එජාප සාමාජිකයකු වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලබා ගන්නා ඕනෑම අවස්ථාවකදී කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසර ලබා ගත වුවද, සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස එවැනි අනුමැතියක් ලබා ගෙන නැති බැවින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
