Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 92ක් කුවේට්හි සිට පැමිණ අය

ඊයේ (27) දිනයේ දී එක් දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වූ ආසාදිතයින් 150ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1469 දක්වා වැඩි වී ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 727 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී වාර්තා වූ රෝගීන් 150 දෙනා අතරින් 97 දෙනෙකුම විදෙස්ගතව මෙරටට පැමිණි අයවලුන් වේ. ඉන් 92 ක් කුවේට්හි සිට ද තවත් 05 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවත් අනෙක් 53 දෙනා නාවික හමුදා සාමාජිකයින් වන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (27) පෙරවරුවේ සුවය ලබා පිටව ගිය ආසාදිතයින් 20 දෙනා ඇතුළුව 732ක් පූර්ණ සුවය ලබා ඇත. කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය සංඛ්‍යාව 10ක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top