Advertise with Giraya
POLITICS

ආරුමුගන් තොණ්ඩමන් වෙනුවට ජීවන් තොණ්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල රැස්විමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම යෝජනාව ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ (27) දිනයේ ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර සාකච්ඡාවක් ඊයේ(27) පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී පවත්වා ඇති අතර එම පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්ය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට ඔවුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත්විමට ගෙන ඇති තීරණය අගය කර ඇති අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ. ඉන්පසුව දේහය හැටන් නෝර්වුඩ් ප්‍රදේශය වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු මැයි මස 31 වන දින නෝර්වුඩ් ක්‍රීඩා පිටියේ දී සිදු කෙරේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top