Update at 9.30 PM
අද රාත්‍රී 8.30 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 28 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඔවුන් 28 දෙනාම විදේශයේ සිට මෙරටට පැමිණි ආසාදිතයින් වේ. ඒ අනුව, අද දිනය තුළ වාර්තා වු මුළු රෝගීන් ගණන 134 දක්වා වැඩි වී ඇත.
දැනට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව ඒ අනුව 1453 දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 711ක් දක්වා ඉහළ ගොස් ඇත.
Update at 8.30 PM
අද (27) දින රාත්‍රී 8.00 වන විට තවත් නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකුටත්, විදේශගතව සිට පැමිණි 53 දෙනෙකුටත් කොරෛා්නා වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1425 දක්වා ඉහළ ගොස් ඇත.
අද පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 20ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ රෝගීන් ගණන 732 දක්වා වැඩි විය. ඒ අනුව, දැනට රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 683ක් දක්වා වැඩි වී ඇත. තවත් 75 දෙනෙකු සැකපිට රෝහල්ගතව පසුවේ.
ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10ක් වේ.
