ශ්‍රී ලංකාවට ආවේණික වූ කඳුකර කළු කොටියෙකු ඊයේ (26) නල්ලතන්නිය පොලිස් වසමට අයත්,ලක්ෂපාන තේ වතු යායේ වාලමලේ කොටසේ එළවළු කොරටුවක් අසලදී මන්දකට හසු ව තුවාල ලබා සිටියේ ය.
එම එළවළු වගා ගොවිපොලේ මන්ද ඇට වු සැකකරු වනජිවි නිලධාරින් විසින් අද (27) උදැසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
ශ්‍රි පාද රක්ෂිතයේ කළු කොටින් පස් දෙනෙකු පමණ වාසය කරන බවත්, මන්දට හසු වු කොටියා අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 , උසින් අඩි 4 පමණ හොදින් වැඩුණු පිරිමි සතෙකු වේ.
තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත ඊයේ (26) රාත්‍රියේ රැගෙන ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත්
අති දුර්ලභ කඳුකර කළු කොටියෙකු මන්දකට හසුවෙයි
