ඊයේ (26) දිනය තුළ දී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වූ ආසදිතයින් 137ක් වාර්තා විය. ඉන් 127ක් වූ බහුතරය කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව, අද(27) පෙරවරු 10.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සුව වීමේ ප්‍රතිශතය 55.5% ක් ලෙස වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.
- මැයි 01 – රෝගීන් 08 ක් ද,
- මැයි 02 – රෝගීන් 10 ක් ද,
- මැයි 03 – රෝගීන් 12 ක් ද,
- මැයි 04 – රෝගීන් 10 ක් ද,
- මැයි 05 – රෝගීන් 19 ක් ද,
- මැයි 06 – රෝගීන් 02 ක් ද,
- මැයි 07 – රෝගීන් 17 ක් ද,
- මැයි 08 – රෝගීන් 08 ක් ද,
- මැයි 09 – රෝගීන් 20 ක් ද,
- මැයි 10 – රෝගීන් 61 ක් ද,
- මැයි 11 – රෝගීන් 22 ක් ද,
- මැයි 12 – රෝගීන් 23 ක් ද,
- මැයි 13 – රෝගීන් 16 ක් ද,
- මැයි 14 – රෝගීන් 63 ක් ද,
- මැයි 15 – රෝගීන් 32 ක් ද,
- මැයි 16 – රෝගීන් 43 ක් ද,
- මැයි 17 – රෝගීන් 17 ක් ද,
- මැයි 18 – රෝගීන් 21 ක් ද,
- මැයි 19 – රෝගීන් 10 ක් ද,
- මැයි 20 – රෝගීන් 15 ක් ද,
- මැයි 21 – රෝගීන් 20 ක් ද,
- මැයි 22 – රෝගීන් 16 ක් ද,
- මැයි 23 – රෝගීන් 40 ක් ද,
- මැයි 24 – රෝගීන් 14 ක් ද,
- මැයි 25 – රෝගීන් 21 ක් ද,
- මැයි 26 – රෝගීන් 17 ක් ද,
- මැයි 27 – රෝගීන් 20 ක් ද සුුවය ලබා ඇත.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර මැයි මාසය තුළ දී මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 638 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ. වාර්තා වී ඇති නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවත් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 344ක් ලෙස වාර්තා වේ.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 333 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 250 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 288 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
- මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
- මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
- මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 22 – 1970 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 23 – 1998 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- මැයි 24 – 1742 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 52
- මැයි 25 – 1342 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 41
- මැයි 26 – 1146 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 137
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 57,327ක් වේ
ආසාදිතයින් 732ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 577ක් වේ. ඒ අනුව, අද(27) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 81ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 72 ක් ද, මුල්ලේරියාව රෝහලේ 35ක් ද, ඉරණවිල රෝහලේ 32ක් ද, කාතාන්කුඩි රෝහලේ 78ක් ද, නාවික රෝහලේ 20 ක් ද, හෝමාගම රෝහලේ 115ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 46 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් 98දෙනෙකු මේ වන විට රෝහල්වලට යොමු කරමින් පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
තවත් පුද්ගලයින් 75ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව මරණ අනුපාතය 0.76%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි
