යාපනයේ වඩමරච්චි වල්ලිපුරම් අසල ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක් අසලදී කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
අද(27) උදෑසන 07.00ට පමණ මෙම පිපිරීම සිදු වී ඇති අතර පොලිස් නිලධාරයෙකු සුළු තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇත.