Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ඇමරිකාවේ කොරෝනා නිසා මිය ගිය ගණන ලක්ෂය ඉක්මවා යයි

කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. worldometers වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මේ වන විට ඇ.එ.ජ වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100,572ක් වේ.

ගතවූ පැය 24 තුළ දී එරට කොරෝනා රෝගීන් 774 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. තවත් නව ආසාදිතයින් 19,049 දෙනෙකු හඳුනාගෙන ඇත.

දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වූ රෝගීන්ගෙන් 479,969 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 1,144,734 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ.

Giraya News Alerts

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 56 ලක්ෂය ඉක්ම වු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ආසාදිත වූ රෝගීන්ගෙන් 352,265 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top