Advertise with Giraya
BUSINESS

සයිබර් ප්‍රහාරය ගැන ටෙලිකොම් ආයතනයෙන් නිවේදනයක්

SLT අභ්‍යන්තර දත්ත පද්ධතියට යම්කිසි පාර්ශ්වයක් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් සාර්ථකව මැඩපවත්වාගැනීම පිළිබඳ SLT කළමනාකාරීත්වය විසින් සියළු පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන නිල නිවේදනය මෙයයි.

මෙම සයිබර් ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ SLT අභ්‍යන්තර කටයුතු සඳහා ස්ථාපිත කරන ලද තොරතුරු තාක්ෂණ පද්ධතියේ එක් කොටසක් පමණක් වන අතර ඉන් අපගේ කිසිදු පාරිභෝගිකයෙකුට බලපෑමක් වී නොමැති බව මෙයින් දැනුම් දෙමු.

නිරන්තර සුපරික්ෂාකාරී අපගේ ආරක්ෂක පද්ධති ක‍්‍රමෝපායන් හරහා ලද පෙර අනතුරු ඇඟවීමේ සංඥාව ලද සැණෙන් ප‍්‍රතිචාර දක්වමින් පද්ධති කිහිපයක් (servers) නොපමාව ස්වයංක‍්‍රීයව අක‍්‍රීය කෙරිණ. ප‍්‍රහාරයට ලක්වූ පද්ධති අනෙකුත් පද්ධතීන් වෙතින් වෙන්කොට තබා කෙටි කාලයක් ඇතුලත ගත් කඩිනම් ක‍්‍රියාමාර්ග හරහා පෙර තිබූ ආකාරයෙන්ම නිවැරදිව යථා තත්ත්වයට පත්කොට ඇත. මෙම තත්ත්වය හමුවේ SLT වෙතින් ලබාදුන් සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව සුරක්ෂිතව ක‍්‍රියාත්මක වූ අතර අපගේ පාරිභෝගික දත්ත සියල්ල ඉතා සුරක්ෂිත තත්ත්වයේ පවතින බවත්, පාරිභෝගිකයන් විසින් ලබාගත් සියළු SLT සේවාවන් පෙර පරිදිම සුරක්ෂිත බවත් මෙයින් දැනුම් දෙමු. සයිබර් ප‍්‍රහාරයේ මුල් අවධියේදීම හඳුනාගැනීමට හැකිවූ නිසාවෙන් SLT අභ්‍යන්තර ආයතනික සේවාවන්ගේ ඇතිවූ ගැටළුකාරී තත්ත්වය කෙටි කාලයක් ඇතුලත යථාතත්ත්වයට පත් කරන්නට අපගේ විශේෂඥ තාක්ෂණික කණ්ඩායම සමත් විය.

Giraya News Alerts

රාජ්‍ය අංශය හා ව්‍යාපාර සේවාවන්, Voice සේවා, Broadband සේවා, Peo TV සහ internet hosting සේවා පහසුකම් යනාදී SLT අප විසින් ලබාදුන් සියළුම සේවාවන් සඳහා ඉහත ඇතිවූ අභ්‍යන්තර ගැටළුව කිසිදු ආකාරයෙන් බලනොපවත්වන බවත් සියළු පාරිභෝගික දත්ත පෙර පරිදිම රහස්‍ය හා සුරක්ෂිත තත්ත්වයේම පවතින බව මෙයින් සහතික වෙමු.

Broadband සේවා සඳහා extra GB සැපයීම ආදී අමතර විශේෂාංග සේවා පෙර පරිදිම අන්තර්ජාලය ඔස්සේ, MySLT app හරහා සහ 1212 පාරිභෝගික සේවා ඇමතුම් අංකය අමතා ලබාගත හැකිය.

තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානයේ කාලයෙන් කාලයට ලෝකය පුරා තොරතුරු තාක්ෂණික පද්ධති ඉලක්ක කරගත් මේ ආකාරයේ සයිබර් ප‍්‍රහාරයන් (REvil attack) සිදුවීම දැකගත හැකි අතර එවැනි අවදානමකට මුහුණදීම සඳහා පෙර සූදානම්වී සිටීම සිදුවිය හැකි ගැටළු රැුසකින් ආරක්ෂාවීමෙහිලා නැණවත්ම ක‍්‍රියාමාර්ගයයි. සයිබර් ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු ආරක්ෂණ ක‍්‍රමෝපායන් භාවිතයට ගන්නා ලෙසට අපගේ පාරිභෝගික සැමවෙතද මතක් කර සිටිමු.

මෙම තත්ත්වය වටහාගත් පාරිභෝගික ඔබගේ කාරුණිකත්වය හා ඉවසිලිවන්තභාවය උදෙසා ස්තූතිවන්තවෙමු.

ස්තූතියි!

SLT කළමනාකාරීත්වය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top