Update at 10.30 PM
අද (26) දින රාත්‍රී 9.30 වන විට තවත් රෝගීන් 63 දෙනෙකු වාර්තා වී ඇති අතර අද දිනයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 135 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා කරයි. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
අද (26) දින වාර්තා වූ රෝගීන් අතරින් 127 දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණි ආසාදිතයින් වේ. අනෙක් ආසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.
මේ අනුව, දැනට රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 595ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද පෙරවරුවේ සුවය ලබා පිටව ගිය රෝගීන් 17 දෙනා ද ඇතුළුව මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් ගණන 712ක් වේ.
ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 10ක් වේ.
__________________________________________________________________________
අද (26) පස්වරු 6.45වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 72 දෙනෙකු වාර්තා වීමත් සමඟ අද දිනයේ දී වාර්තා වූ රෝගින් සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, එම රෝගීන් සංඛ්‍යාවත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 556ක් වේ.
