Advertise with Giraya
NEWS

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1200 ඉක්මවා යයි

Update at 7.00 PM

අද දින (26) පස්වරු 6.45 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 72 ක් වාර්තා විමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 96 දක්වා ඉහළ ගොස් ඇත.

Giraya News Alerts

දැනට රෝහල්ගතව සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 556 ක් වේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10 ක් වේ.

____________________________________________________________________________

අද(26) පස්වරු 5.15 වන විට තවත් රෝගීන් හත් දෙනෙකු වාර්තා වීමෙන් අද (26) දිනය තුළ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

එමෙන්ම, ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1206 දක්වා ඉහළ ගොස් ඇත.

අද (26) දින තවත් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 712ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ලදී.

වාර්තා වූ නව ආසාදිතයින් සමඟ දැනට මෙරට සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 484ක් වේ. තවත් පුද්ගලයින් 76 දෙනෙකු සැකපිට වෛද්‍ය අධීක්ෂණ්‍ය යටතේ රෝහල්ගතව සිටියි.

ජීවිතක්ෂයට පත් වූ කොරෝනා ආසාදිතයින් ගණන 10ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top