කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත අනුව ශ්‍රී ලංකාව මෙලෙස 100 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං රාජ්‍ය, වෙනිසියුලාව, සයිප්‍රස්, ඉතියෝපියාව, මැඩගස්කරය, ජැමෙයිකාව වැනි රටවල් පසු කරමින් ය.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතවූවන් සංඛ්‍යාව 56 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, වෛරසය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 348,334ක් වන අතර 23 ලක්ෂය ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් සුවය ලබා ඇත. තවත් ලක්ෂ 28 ඉක්ම වූ ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයේ පසුවේ.
වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයෙන් ලක්ෂ 17ක් ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත. එරට වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති ප්‍රමාණය 99,807ක් වේ.
දෙවැනි තැනට සිටින බ්‍රසීලයේ මේ වන විට සීඝ්‍ර රෝග ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ගත වූ සතිය ඇතුළත මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6669ක් වේ. එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23,522ක් වේ. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 376,669ක් වේ.
තෙවැනි තැනට සිටින රුසියාවෙන් දැනට රෝගීන් 362,342ක් වාර්තා වී ඇති අතර මිය ගොස් ඇති පුද්ගලයින් ප්‍රමාණය 3807ක් වේ.
අසල්වැසි ඉන්දියාව මෙම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඉන්දියාව මේ වන විට සීඝ්‍ර රෝග ව්‍යාප්තියක් පෙන්වන රටවල් අතරට ද එක් වි තිබේ. දැනට ඉන්දියාවෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 146,498ක් වේ. මරණයට පත් වූ සංඛ්‍යාව 4187කි.
