Advertise with Giraya
NEWS

අගෝස්තු 01 වනදා සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරන්න -ජනාධිවරයාට කෝවිඩ් මර්දන කමිටුවෙන් යෝජනාවක්

අප්‍රේල් මස 30 වැනිදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවූ බවත් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

එහිදී, රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්යසාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කර තිබෙනවා.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇති අතර කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතින බවද ප්‍රකාශ කර ඇත.

Giraya News Alerts

ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරුණා.

එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනීමට නියමිතයි. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කළ යුතුයි . ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධනයන් සැලසුම් සකස් කළ යුත්තේ” යැයි ජනාධිපතිවයා සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කෝවිඩ් මර්දන කාර්යසාධක බලකායේ නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top