හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 700ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුසංකගේ වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත වූ පළමු අවස්ථාව මෙය වන බව ද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායන නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළා. එමෙන්ම, ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික ක්‍රිකට් කොන්තාත්තුව ඩොලර් 5000ක් බව ද වාර්තා වේ.
පසුගිය 23 වන දා පන්නල පොලීසියි විසින් ශෙහාන් මදුසංක සැක පිට අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ඇත.
ඔහු ලොව මංගල ක්‍රිකට් තරඟයේ දීම කඩුළු ත්‍රිත්වයක් දවා ගත් සිව්වැනියා ලෙස වාර්තා අතර සඳහන් වේ. ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහගේ නිර්දේශයක් මත ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
