Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

මංගලගේ මඩ වලට ශෙහාන්ගෙන් අභියෝගයක්

මේ රටේ ආර්ථිකය යහපාලන රජය විනාශ කර දැමු ආකාරය මහ බැංකු වාර්තා, ආර්ථික සංරචක පදනම් කර ගෙන පෙන්වීම සඳහා මංගල සමරවීර මහතාට විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බවත් ඒ සදහා ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක තමන් සුදානම් බවද හිටපු සංවර්ධන බැංකු හා ණය යෝජනා කටයුතු රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

අනුරාධපුරයේ දී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසු ශෙහාන් සේමසිංහ එහිදි තවදුරටත් මෙසේ ද සදහන් කළේය.

“මංගල සමරවිර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා අපි දැක්කා.ඔහු යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා හා විදේශ කටයුතු ඇමතිවරයා, එහිදි එතුමා ප්‍රශ්න කරනවා ඔවුන් දෙදාස් පහළව (2015) වර්ෂයේ දී භාර ගත්තේ බොහො‍ම වැටී තිබු ආර්ථිකයක් බවත් පසුව එම ආර්ථිකය ශක්තිමත් කළ බවටත් පවසනවා .හැබැයි මොකක්ද අද ගෝඨාභය රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ මාස හයට මොකක්ද සිදු කළේ කියා අසනවා.විශේෂයෙන් මංගල සමරවිර මහතාට මතක් කළ යුතුයි මංගල සමරවීර මහතා එක එක දේශපාලඥයින්ට නායකයන්ට මඩ ගහන්නේ නැතිව එතුමාගේ සුපුරුදු බොරු පතුරුවන්නේ නැතිව ,මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතිව එතුමා එකඟ නම් බුද්ධියක් අවබෝධයක් තිබෙනවා නම් අපිත් එක්ක විවාදයකට එන්න මහ බැංකු වාර්තාව පදනම් කර ගෙන සියළුම ප්‍රධාන ආර්ථික දර්ශන පදනම් කර ගෙන එන්න විවාදයකට අපි එතුමා එක්ක විවාදයකට සුදානම් බවත් මේ විවාදයේදි යහපාලන රජයේ අසාර්ථකම මුදල් ඇමතිවරයා හා විදේශ කටයුතු ඇමතිවරයා ඔහු බව ඔප්පු කරන්න සුදානම්.

Giraya News Alerts

මේක විතරක් නොවෙයි අපේ රටේ ආර්ථිකය මිනී පෙට්ටියට දාලා ඇණගසා අවසන් කරපු යුගය පිළිබදව අපි එතුමාට කියා දෙන්නම්.මංගල සමරවීර ආර්ථිකය වශයෙන් අපේ රට විනාශ කලා වගේම ඔහු මුදල් ඇමතිවරයා ලෙසත් විදේශ කටයුතු ඇමතිවරයා ලෙසත් විදේශයන්ගේ අවශ්‍යතාව මත අපේ රටේ ගෞරවය කෙළෙසුව ඇමතිවරයෙක්.මුදල් ඇමතිවරයා ලෙස ආර්ථිකය විනාශ කලා. විදේශ කටයුතු ඇමතිවරයා ලෙස අපේ රටේ ආර්ථිකය බරපතල ලෙස කෙළෙසුවා.ඒ කෙලෙසීම තවත් වර්ෂ ගණනාවකට බලපෑමක් තියෙයි. බලපෑම අවම කර ගැනිමට ගෝඨාභය රාජපක්ෂ මහතා රජයක් විදියට කටයුතු කරන්නේ.

මංගල සමරවිර මහතා මහා සංඝරත්නයට අපහාස කර සතියකට වැඩියි ,හැබැයි එක්සත් ජාතික පක්ෂයේවත් ,සමගි ජන බලවේගයේවත්, ජනතා විමුක්ති පෙරමුණේවත් දෙමළ ජාතික සංවිධානයේවත් ඔවුන්ගේ විපක්ෂයේ කණ්ඩායම් කිසිවක් මේ කරපු අපහාසය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළේ නෑ.අපිට හැඟෙන්නේ එය තමයි ජාතික ජනබලවේගයේ මතය, ජාතික සමගි ජනබලවේගය අනුමත කරන කාර්ය කියා. එතකොට සජිත් පේමදාස මහතාගේ මතය මංගල සමරවීර ප්‍රකාශ කිරිමක් හැටියට දැකිමේ කිසිදු වරදක් නෑ.

මහා සංඝරත්නයට බරපතල ලෙස අපහාස කිරිම සම්බන්ධයෙන් සජිත් පේමදාස මහතා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මෙය මංගල සමරවීර පළමුවර කළ දෙයක් නොවෙයි ඔහු ඇමතිවරු හැටියට යහපාලන රජය තුළත් දිගින් දිගටම කළා, සියළු දෙනා නිහඩව බලා සිටියා.

යහපාලන රජය ස්වාධීනයි කියා පිහිටවපු කොමිසන් සභාවල ස්වාධිනභාවය පිළිබඳව අපට බරපතල ගැටළුවක් තිබෙනවා.ඒක අද ඊයේ මතු වු කාරණාවක් නොවෙයි. මේ ස්වාධින කොමිසන් සභා ස්ථාපිත කරපු දවසේ සිටම එවා පැහැදිලිවම පක්ෂග්‍රාහිව තමයි කටයුතු කළේ. ස්වාධීනයි කියා නම තිබුනට ඒවාට පත් කිරිම් සිදු කරද්දි පවා දේශපාලන වශයෙන් බරපතල ඇඟිලි ගැහීම් කරනවා අපි දැක්කා. ඒ පිළිබඳව අපි කතා කර තිබෙනවා. දැන් පවතින කාරණාව මේ රටේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳවයි.

මැතිවරණයක අවශ්‍යතාවය රටට තිබෙනවා. රටේ ජනතාව කොරෝනා වසංගතය නිසා මැතිවරණය කල්දායි කියා බලාපොරොත්තු වුනාම මැතිවරණ කල්දැම්මා. ඒ සම්බන්ධ කිසිදු ගැටළුවක් නෑ. දැන් අපට පෙනී යන්නේ මැතිවරණ කොමිසම මැතිවරණය කල් දැමීමෙන් පසුව මැතිවරණය පැවැත්විමට උනන්දුවක් නැති කම පිළිබඳව. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවසරය ඒ සඳහා ලැබී තිබෙනවා. ඒ වගේ රටේ සියළුම ආයතන හා දෙපාර්තමේන්තු අද කටයුතු කරමින් පවතිනවා. මැතිවරණ කොමිසමට වගකිමක් යුතුකමක් තිබෙනවා රට පිළිබඳව අවධානයෙන් සිටින පිරිසක් විදියට මේ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව තිබෙනවා. අපි දැක්කා මහින්ද දේශප්‍රිය මහතා කීවා මිට පෙර මැතිවරණය පැවැත්වීමට එතුමාට අනිවාර්යෙන් දින තිස් පහක් අවශ්‍යයි කියා. දවස් තිස්පහක් අවශ්‍යයි කියා පළමුවර කියා ඊට පසුව සති නවයකුත් එකොළහකුත් පිළිබදව මත ප්‍රකාශ කිරිමේ දී පෙනී යනවා දින තිස් පහක කාලයක් තුළ තියන්න පුළුවන් කියු මතය කොහොමද වෙනස්වුනේ කියන එක.ඒ වගේම විරුද්ධ පක්ෂයේ සියළු කණ්ඩායම් එකට එකතුවෙලා මැතිවරණය නොපවත්වා ඉන්න මත ප්‍රකාශ කරමින් පවතිනවා.ඔවුන් අධිකරණය ක්‍රියාමාර්ග පවා අරගෙන තිබෙනවා.

එක වෙලාවක මැතිවරණ කොමිසම කීවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය අවශ්‍යයි කියා. දැන් එය ලැබී තිබෙනවා. එය ලැබුන අවස්ථාවේදී දැන් කියනවා පවතින නීතිමය රාමුව තුළ ඔවුන්ට අධිකරණය ලබාදෙන නියෝගය මත කටයුතු කරන්නේ කියා. අපි දන්න කාරණා තුළ අපි දැක්කේ නෑ නඩු ගොනුවීමක් සිදුවෙලා තිබුනට අතුරු තහනමක් මැතිවරණ කොමිසමට ලැබෙනවා අපි දැක්කේ නෑ. ඒ වගේම තමයි නීතිපතිවරයා කිසිම අවස්ථාවක මැතිවරණ පවත්වාගෙන යන්න එපා කියා මැතිවරණ කොමිිසන් සභාවට උපදෙස් දෙනවා අපි දැක්කේ නෑ. මේ කාරණා තුළදී අපි දැක්කේ මැතිවරණය නොපවත්වා සිටිමට ඉතාම සුළුතරයකගේ නමුත් වෙනත් බලවේග ක්‍රියාත්මක වනවා.ඒ කියන්නේ සුළුතරය විවිධාකාරයෙන් ශක්තිමත්ව බලපෑම් කරනවා මැතිවරණය නොපවත්වා සිටීමට”යැයි ශෙහාන් සේමසිංහ පැවසිය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top