මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කර සමාජ මාධ්‍ය ජාලා තුළ මේ දිනවල හුවමාරු වන කාල සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.
විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස පාසල් ප‍්‍රජාව ප‍්‍රමුඛ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.
රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශී ලෙස බවත් ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කණගාටුදායක බව ද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
එම සාවද්‍ය ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
