අද (25) පස්වරු 07.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් ගණන 1182ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (25) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 41දෙනෙකු වාර්තා වීමත් සමඟය.
එමෙන්ම, අද (25) දිනයේ දී කොරෝනා වෛරසය හේතුවෙන් තවත් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් විය. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10ක් වේ.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රිය කොරෝනා ආසාදිතයින් ගණන 477 ක් වේ. අද (25)පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 695 දක්වා ඉහළ ගියේ ය.
