මූල්‍ය කළමනාකරණ හා වගකීම් අනුව රටේ සැලසුම් හා මූල්‍ය කටයුතු පිළිබඳව වාර්තා ආණ්ඩුව විසින් කාලානුරූපව ඉදිරිපත් කළ යුතු වුවද ආණ්ඩුව විසින් පසුගිය මාර්තු 23 වනදායින් පසුව වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම, ඉදිරිපත් කර ඇති වාර්තාව ද පූර්ව මැතිවරණ තත්ව පිළිබඳව වාර්තාවක් බවත් මේ වන විට මාර්තු මාසයේ තිබු ආර්ථික සාධක හා මූල්‍ය තත්ත්වයන් වෙනස් වී ඇති බැවින් එය ද යල්පැන ගිය වාර්තාවක් බවට පත් වී ඇති බවත් ඔහු පවසයි.
රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරන්නේ සමාජ මාධ්‍යජාල හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.
රටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබ්දව සිටීමෙන් කිසිඳු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවත් හිටපු අගමැතිවරයා පවසයි.
ඔහු කළ ප්‍රකාශය පිළිබඳ නිවේදනය පහතින් දැක්වේ.


