Advertise with Giraya
NEWS

සුව වූ ගණන 695 දක්වා ඉහළට… විදෙස්ගතව පැමිණි ආසාදිතයින් ගණන 120ක් වෙයි

අද (25) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිත වූ රෝගීන් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ දක්වා සුවය ලද රෝගීන් සංඛ්‍යාව 695 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, අද (25) පස්වරු 1.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගින් 7 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් 07 දෙනා ද කුවේට්හි සිට මෙරටට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සුව වීමේ ප්‍රතිශතය 59.07% ක් ලෙස වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද,
  • මැයි 16 – රෝගීන් 43 ක් ද,
  • මැයි 17 – රෝගීන් 17 ක් ද,
  • මැයි 18 – රෝගීන් 21 ක් ද,
  • මැයි 19 – රෝගීන් 10 ක් ද,
  • මැයි 20 – රෝගීන් 15 ක් ද,
  • මැයි 21 – රෝගීන් 20 ක් ද,
  • මැයි 22 – රෝගීන් 16 ක් ද,
  • මැයි 23 – රෝගීන් 40 ක් ද,
  • මැයි 24 – රෝගීන් 14 ක් ද,
  • මැයි 25 – රෝගීන් 21 ක් ද සුුවය ලබා ඇත.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර මැයි මාසය තුළ දී මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඊයේ (24) දිනයේ දී ද වාර්තා වූ රෝගීන් ගණන 52ක් වන අතර ඉන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 628 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ. වාර්තා වී ඇති නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවත් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 313ක් ලෙස වාර්තා වේ.

මීට අමතරව, විදේශගතව සිට මෙරටට පැමිණීමට ලාංකිකයන්ට අවස්ථාව ලැබීමත් සමඟ විදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිට වාර්තා වූ ආසාදිතයින් ගණන අද (24) පෙරවරු 10.00 වන විට 120 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ ඊයේ(24) දිනයේ දී වාර්තා වූ කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 49 දෙනාගෙන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් වේ. තවත් එක් අයෙකු (24) දිනයේ දී ඉන්දුනීසියාවේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
  • මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 22 – 1970 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 23 – 1998 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 24 – 1742 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 52

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 54,834ක් වේ.

ආසාදිතයින් 695ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 444ක් දක්වා බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද(25) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 76 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 66 ක් ද, මුල්ලේරියාව රෝහලේ 44ක් ද, ඉරණවිල රෝහලේ 31ක් ද, කාතාන්කුඩි රෝහලේ 46ක් ද, නාවික රෝහලේ 66 ක් ද, හෝමාගම රෝහලේ 55 ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 48 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් 09 දෙනෙකු මේ වන විට රෝහල්වලට යොමු කරමින් පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 79ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 25 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.79%ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top