Advertise with Giraya
FOREIGN

කෝවිඩ් -19 ගැන කියුබාව හෙළි කළ රහස

කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් – 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී.

එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ කොවිඩ් මරණ අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.මේවන විට කියුබාවෙන් කොවිඩ් මරණ 81 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2000කට ආසන්න වේ.ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා තිබීම විශේෂත්වයකි.

Giraya News Alerts

කොවිඩ්-19 වසංගතයට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමෙන් රට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කියුබාව සමත් විය.මාර්තු මාසයේ සිට එරට දේශසීමා , පාසල් සියල්ල වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට රජය විසින් උපදෙස් දෙනු ලැබුණි. කියුබාව අද එම වැඩපිළිවෙලේ සාර්ථකත්වය භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top