Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගීන් 52න් 49ක්ම කුවේට්හි සිට මෙරටට පැමිණි අය

ඊයේ (24) දිනය තුළ දී පමණක් මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 52ක්. ඒ අතරින් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලියින් වේ.

ඉන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් වේ. ඊයේ දිනයේ හඳුනා ගැනුණු අනෙක් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වන විට සමස්ත කොරෝනා ආසාදිත වූ සංඛ්‍යාව 1141ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති රෝගීන් ගණන 674ක් වන අතර රෝගීන් 458 දෙනෙකු දැනට රෝහල්ගතව සිටියි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top