Update at 6.00 PM
අද (24) පස්වරු 05.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 05ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව, අද (24) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.
අද දිනය තුළ වාර්තා වූ සියළුම රෝගීන් කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඉන් 05 දෙනෙකු ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ ද අනෙක් 23 දෙනා මින්නේරිය නිරෝධායනය මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන1117ක් දක්වා ඉහළ ගොස් ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් වේ.
අද (24) පෙරවරුවේ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 674 දක්වා ඉහළ ගියේ ය.
_____________________________________________________________________________
අද (24) පස්වරු 3.30 වන විට කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 17ක් වේ. එසේම, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේ වාර්තා වූ 17 දෙනාම කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර පස්වරුවේ වාර්තා වූ රෝගීන් 12 දෙනාම ද කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
අද (24) පෙරවරුවේ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 674 දක්වා ඉහළ ගියේ ය.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 423ක් වේ. තවත් 97 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ.
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මිය ගිය සංඛ්‍යාව 09 ක් වේ.
