Advertise with Giraya
NEWS

අද දින වාර්තා වූ රෝගීන් ගණන 5ක්… සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1094 දක්වා ඉහළට

අද (24) පස්වරු 2.30 වන විට කොරෝනා වෛරසය වැළඳුන තවත් රෝගීන් 05ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1094 දක්වා වැඩි වී ඇත.

එසේම, අද (24) පෙරවරු 10.00 වන විට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව සුවය ලැබූ තවත් රෝගින් 14 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, දැනට වාර්තා වූ සමස්ත රෝගීන් ගණනින් 674 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සුව වීමේ ප්‍රතිශතය 61.6% ක් ලෙස වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

Giraya News Alerts

මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද,
  • මැයි 16 – රෝගීන් 43 ක් ද,
  • මැයි 17 – රෝගීන් 17 ක් ද,
  • මැයි 18 – රෝගීන් 21 ක් ද,
  • මැයි 19 – රෝගීන් 10 ක් ද,
  • මැයි 20 – රෝගීන් 15 ක් ද,
  • මැයි 21 – රෝගීන් 20 ක් ද,
  • මැයි 22 – රෝගීන් 16 ක් ද,
  • මැයි 23 – රෝගීන් 40 ක් ද,
  • මැයි 24 – රෝගීන් 14 ක් ද සුුවය ලබා ඇත.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර මැයි මාසය තුළ දී මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඊයේ (23) දිනයේ දී ද වාර්තා වූ රෝගීන් ගණන 21ක් වන අතර ඉන් 19 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 626 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ. වාර්තා වී ඇති නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවත් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 293 ක් ලෙස වාර්තා වේ.

මීට අමතරව, විදේශගතව සිට මෙරටට පැමිණීමට ලාංකිකයන්ට අවස්ථාව ලැබීමත් සමඟ විදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිට වාර්තා වූ ආසාදිතයින් ගණන අද (24) පෙරවරු 10.00 වන විට 70 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
  • මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 22 – 1970 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 23 – 1998 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21

මෙරට සිදු කරන ලද වැඩිම පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය සිදු කර ඇත්තේ ඊයේ (24) දිනයේ දී වන අතර නමුත් සාපේක්ෂව වාර්තා වී ඇත්තේ අඩු රෝගීන් ප්‍රමාණයක් වේ. මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 53,092ක් වේ.

ආසාදිතයින් 674ක්ම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවීම හේතුවෙන් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 406ක් දක්වා අඩු වී ඇත. ඒ අනුව, අද(24) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 74 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 54 ක් ද, මුල්ලේරියාව රෝහලේ 42ක් ද, ඉරණවිල රෝහලේ 28ක් ද, කාතාන්කුඩි රෝහලේ 28 ක් ද, නාවික රෝහලේ 73 ක් ද, හෝමාගම රෝහලේ 59 ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 48 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 97ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 24 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.82%ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top