නිරිත දිග මෝසම් වර්ෂාවේ බලපෑමත් සමග දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල එලෙස ඩෙංගු රෝගින් වාර්තා වීම වැඩිවිය හැකි බවය.
ඩෙංගු රෝගීන් වාර්තා වීම පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.
